නවසීලන්තය ඉන්දීය බලාපොරොත්තු බිඳදමයි

Monday, 01 November 2021 - 10:39

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරගය කඩුලු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ  සමත් විය. තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 110ක් ලබා ගත්තේය. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 23ක් රැස්කළ අතර රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 26ක් රැස් කළේය. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් දවා ගත් අතර ඉෂ් සෝදි කඩුලු 2ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 49ක් රැස් කළ අතර නායක කේන් විලියම්සන්  නොදැවී ලකුණු 32ක් රැස් කළේය. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් දවා ගත්තේය.
11


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?